fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ත්‍රීරෝද රථයකින් මත්කුඩු ප්‍රවාහනය කළ කාන්තාවක් සහ තරුණයෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2020 09:59

කොළඹ මට්ටක්කුලියේ සිට පුත්තලමට ත්‍රීරෝද රථයකින් මත්කුඩු ප්‍රවාහනය කළ කාන්තාවක් සහ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුත්තලම මූලස්ථාන පොලිසියේ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයට ලැබුණු තොරතුරකට අනුවයි සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ. 66 හැවිරිදි කාන්තාවක් සහ 22 හැවිරිදි තරුණයෙකු  මෙලෙස මත්කුඩු ප්‍රවාහනය සිදුකර ඇති බව පොලිසිය සඳහන් කළා. ඔවුන් දීර්ඝ කලක් මෙම ජාවාරම සිදුකර ඇති බව පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා. සැකරුවන් පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමක නිරතවූ තරුණයන් තුන් දෙනෙකු නාවලපිටිය පොලිසියේ දූෂණ මර්දන ඒකකය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් තරුණයන් තුන්දෙනා සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 530ක් සහ කේරළ ගංජා 130ක් ද පොලිස් භාරයට ගත්තා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2020 09:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්