fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී ගිනි අවි රැසක් STF අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2020 18:32

දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී ගිනි අවි රැසක් STF අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බලකාය දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී ගිනි අවි රැසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගම්පහ, ගෝනහේන් කදවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කිරිදිවිට ප්‍රදේශයේ දී කළ සෝදිසි කිරීමකදී බෝර 12 වර්ගයේ තුවක්කුවක්, පතරොම් 4 ක් ඇතුළු උපකරණ රැසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

58 හැවිරිදි සැකකරු ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මෙරට නිෂ්පාදිත තුවක්කුවක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට දෙනියාය විශේෂ කාර්ය බලකා කදවුවරේ නිලධාරීන් සමත් වුණා.

හිගුරහේන, කිරිවැල්ලදොළ ප්‍ර දේශයේ දීයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ. 40 හැවිරිදි ඔහු දෙණියාය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

දෙණියාය විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලැබුණු තවත් තොරතුරකට අනුව බෝර 12 වර්ගයේ තවත් තුවක්කුවක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු ළග තිබී පතරොම් 7 ක් හා හිස් පතරොම් කොපු 16 ක්ද සොයා ගැණුනා. 59 හැවිරිදි ඔහු බෙංගමුව ප්‍ර දේශයේ පදිංචිකරුවෙක්.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2020 18:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්