ඊෂි කෑෂ් ක්‍රමයට රත්නපුර නගරයේ මත්කුඩු ජාවාරමේ නිරත වූ බන්ධනාගාර නියාමකවරයෙකු අද (15) දහවල් අත්අඩංගුවට ගැණුනා. මත්කුඩු ජාවාරම් හා නීතිවිරෝධි ක්‍රියාවන්ට සම්බන්ධ බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව මේ වනවිටත් නීතිය ක්‍රියාත්මක වනවා.
බන්ධනාගාර නියාමකවරයා සමග මත්කුඩු ග්රැම් 4 යි මිලිග්‍රෑම් 550 ක්ද සොයාගෙන තිබෙනවා. එමෙන්ම ජංගම දුරකතන දෙකක් හා බන්ධනාගාර රාජකාරි නිල හැදුනුම්පත ද අත්අඩංගුවට ගත් බවයි රත්නපුර කොට්ඨාස දූෂණ මර්දන අංශය සදහන් කරන්නේ. මොහු කලක් පුරා මත්කුඩු ජාවාරමේ නිරතව සිටි අයෙක්.
සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ උපදෙස් අනුවයි වැටලීම සිදුකර තිබෙන්නේ.
මේ අතර බන්ධනාගාර නිලධාරීන් 21 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර කොමසාරිස් පාලන හා පුනරුත්ථාපන චන්දන ඒකනායක මහතා ඊයේ (14) ප්‍රකාශ කළා. පසුගිය මාස දෙක තුළ විවිධ දූෂණ ක්‍රියාවලට සම්බන්ධ වූ බන්ධනාගාර නිලධාරීන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
එම පහළොස් දෙනා අතර සහකාර බන්ධනාගාර අධිකාරිවරයෙකු, ප්‍රධාන ජේලර්වරුන් දෙදෙනෙකු සහ ජේලර්වරයෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.