කැබිනට් අමාත්‍යවරයෙකු හා රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සිය රාජකාරි කටයුතු ආරම්භ කළා. ඒ ජනතාවට උපරිම සේවයක් සලසන බවට ප්‍රතිඥා දෙමින්.
වරාය හා නාවික කැබිනට් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සිය අමාත්‍යංශයේ දී වැඩ භාරගත්තා. මෙම අවස්ථාවට මැතිඇමතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සර්ව ආගමික වතාවත් මධ්‍යයේ මුදල් අමාත්‍යාංහයේ දී වැඩ භාරගත්තා. රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩභාරගැනීම සිදුවූයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දීයි. මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ මහා සංඝරත්නය මෙහිදී ආශිර්වාදය පළකළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/QKpADtXUbqM”]