fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

‘ශ්‍රී ලංකන්’ විකිණීමට ඉඩ තබන්නේ නැහැ – පාඩුව අවම කිරීමට කඩිනමින් පියවර

ITN News Editor
By ITN News Editor අගෝස්තු 14, 2020 18:47

යහපාලන ආණ්ඩුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම විකිණීමට උත්සාහ කළ ද වත්මන් රජයේ එවැනි කිසිදු ක්‍රියාවක් සිදු කරන්නේ නැති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. ගුවන් සමාගමේ පාඩුව අවම කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා කියා සිටිනවා.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතාද මෙම අවස්ථාවට එක්වුණා. නව අමාත්‍යවරුන් ලෙස වැඩභාරගැනීමෙන් අනතුරුව මෙසේ නිරීක්ෂණ චාරිකාවට සහභාගී වුණා. ශ්‍රි ලංකන් ගුවන් සමාගම මෙන්ම සෞඛ්‍ය ආරක්ෂිත ගුවන්ගමන් පිලිබදවද මෙහිදී අදහස් ප්‍රකාශ කෙරුණා.

චීනයේ ෂැංහයි දක්වා සති 04 ක කාලයක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් තාවකාලිකව නතර කිරීම සම්බන්ධයෙන් එම සේවය මාධ්‍ය වෙත  අද කරුණු පැහැදිලි කළා. චීනයට සම්මත කර ගෙන ඇති නව නීති අනුව ගුවන් යානයක නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූවන් 05 දෙනෙකු හමු වුවහොත් ගුවන්ගමන් තාවකාලිකව අත්හිටුවීම සිදු වනවා. පසුගිය 07 වනදා ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකන් විශේෂ ගුවන් යානයේ රෝගී වූ එවැනි ගුවන් මගින් 23 දෙනෙකු හමුවීමත් සමගයි ෂැංහයි දක්වා  ගුවන් ගමන් තාවකාලිකව නතර කර ඇත්තේ. එහෙත් 223 රැගත් එම යානයේ මගීන් සියලු දෙනා මෙරටදී පීසීආර් පරික්ෂණයට ලක් කළ ද ඔවුන් අතුරින් කිසිවෙකුටත් කොරෝනා ධනාත්මක වී නැති බව තහවුරු වුණා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 14, 2020 18:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්