මෙවර මහමැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හිමි වූ දේශපාලන පක්ෂ 05 කින් මේ වන විට ජාතික ලැයිස්තු නාමලේඛණය භාරදී ඇති අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරනවා.
කෙසේ වුවද එක්සත් ජාතික පක්ෂය සහ අපේ ජනබල පක්ෂය අවසන් දිනය වූ අද (14) දිනයේද ජාතික ලැයිස්තුව සදහා සිය නියෝජිතයා නම් කර නැහැ.
පසුගිය 05 වනදා පැවති මහමැතිවරණයෙන් දේශපාලන පක්ෂ 07 කට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර හිමිවුණා.ඒ අතුරින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ඉලංගෙයි තමිල් අරුසු, ජාතික ජනබලවේගය, සමගි ජනබලවේගය හා ඉලංගෙයි තමිල් කොංග්රස් යන දේශපාලන පක්ෂවලින් සිය නියෝජිතයන්ගේ නම් යෝජනා කර මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර තිබෙනවා.
ඒ අතුරින් 19 දෙනෙකුගේ නම් මේ වන විටත් ගැසට් කර අවසන්.එහෙත් එක්සත් ජාතික පක්ෂය හා අපේජනබල පක්ෂය සිය නියෝජිතයාගේ නම අද (14) පස්වරු 04 වන විටත් එවා තිබුණේ නැති බවයි මැතිවරණ කොමිෂන් සභා වාර්තා සදහන් කරන්නේ.
ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කිරීම සදහා ලබාදී තිබූ කාලයට මෙ වන විට අවසන්. ඒ අනුව එම මන්ත්‍රී ධුර දෙක සදහා ආසන දෙකක් හිස්කර පාර්ලිමේන්තුවේ ආසන සැකසීම සිදු වනවා.
නව පාර්ලිමෙන්තුව ලබන 20 වනදා පෙ.ව 09.30යට ආරම්භ කිරීමට නියමිතයි. එහිදී නව කතානායවරයා තෝරපත් කැරගැනීම මුලින්ම සිදු වනවා. අනතුරුව නියොජ්‍ය කතානායකවරයා හා නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා පත් කර ගැනීමයි සිදු වන්නේ.