fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

MCC ය මම අනුමත කළේ නෑ ; ප්‍රචාර අසත්‍යයයි – නීතිපති

ITN News Editor
By ITN News Editor අගෝස්තු 14, 2020 16:13

MCC ගිවිසුම නීතිපතිවරයා අනුමත කර ඇති බවට පළවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බව නීතිපතිවරයා අවධාරණය කරනවා.

මෙම ගිවිසුම සම්බන්ධයෙන් නීතිපතිවරයා තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බවයි නීතිපති සම්බන්ධීකාරක  රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පවසන්නේ.

යහපාලන රජය සමයේ අත්සන් කිරීමට උත්සාහ කළ MCC ගිවිසුම තුළින් රට දෙකඩ වන සේ ආර්ථික කොරිඩෝවක් නිර්මාණය කිරීමට යෝජනා වී තිබෙනවා. මේ පිළිබද බොහෝ දෙනාගේ දැඩි විරෝධය එල්ල වුණා. ඇමෙරිකාව සමග එළඹීමට නියමිත මෙම ගිවිසුම සම්බන්ධයෙන් වත්මන් රජය කරුණු අධ්‍යයනය කළා. ඒ අනුවයි නීතිපතිවරයාගේද අවධානය යොමු කෙරුණේ.

මෙවැනි තත්ත්වයක් තුළ නීතිපතිවරයා MCC ගිවිසුම අනුමත කර ඇති බවටද ඇතැමුන් ප්‍රචාර ගෙන ගියා. එය මුළුමනින්ම අසත්‍ය බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය පවසන්නේ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 14, 2020 16:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්