පළමුවෙනි හොලිවුඩ් වීනස් අන්තර්ජාතික කෙටි චිත්‍රපට උළෙලේදී රංගන ශිල්පී ශ්‍යාම් ප්‍රනාන්දු හොදම නළුවාට හිමි සම්මානය හිමිකරගෙන තිබෙනවා.
රටවල් සියයකට අධික සංඛ්‍යාවක කෙටි චිත්‍රපට දහසකට ආසන්න සංඛ්‍යාවක් අතුරිනුයි ඔහු මෙම සම්මානය හිමිකරගෙන තිබෙන්නේ. ඒ චතුර ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ වන් බ්ල්ඩ් කෙටි චිත්‍රපටයේ රගපෑම වෙනුවෙනුයි.
පිය පුතු සබදතාව පිළිබද මනෝ විද්‍යාත්මක අධ්‍යයනයක කලාත්මක එළිදැක්වීමක් ලෙසයි මෙම චිත්‍රපටය හැදින්වෙන්නේ. එය මීට පෙර ද ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උළෙල කිහිපයකම අවසන් වටයේ නිර්මාණ අතරට ද එක්ව තිබුණා.