fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොකු බඩ ගෙඩිය නිසා ජීවිතය බේරුණු හැටි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 14, 2020 11:45

විශාල උදරය හේතුවෙන් සිය ජීවිතය බේරාගත් පුද්ගලයෙකු පිළිබද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙසේ ජීවිතය බේරාගෙන ඇත්තේ චීනයේ හෙනන් පළාතේ පදිංචි විසි අට හැවිරිදි පුද්ගලයෙක්. අධික ස්ථුලතාවයකින් යුත් එම පුද්ගලයා ලිඳකට ඇදවැටී ඇති බවයි වාර්තා වන්නේ. කෙසේවෙතත් ඔහුගේ දෙපා සහ ඉන ප‍්‍රදේශය පමණක් ළිඳ තුළ තිබියදී උදරය ප‍්‍රදේශය ළිංකටේ සිරවී තිබෙනවා.

ඒ හේතුවෙන් ඔහු ළිං පතුල වෙත ඇදීයාම වැළකී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පසුව ප‍්‍රදේශවාසීන් හා සහන සේවකයන් එක්ව ඔහුව පිටතට ගෙන තිබෙනවා.

විශාල උදරය හේතුවෙන් මෙසේ ජීවිතය බේරාගෙන ඇති පුද්ගලයාගේ බර කිලෝග‍්‍රෑම් 130 කට අධික බවයි වාර්තා වන්නේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 14, 2020 11:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්