ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර ඒන්ජල්ස් වන සංරක්ෂිතයේ ගින්නක් වාර්තා වනවා.
පවතින දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ගින්න පැතිරී යාම වේගවත් වී ඇති බවයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ. පළමු විනාඩි 10 ඇතුළත ගින්න අක්කර 100ක් පුරාපැතිර ගොස් ඇති අතර ඉන් මද වේලාවකට පසුව එය අක්කර 10ක් පුරා පැතිරගොස් තිබෙනවා. ගින්න නිවීම සඳහා හෙලිකොප්ටර් යානා සහ ගිනිනිවන හමුදා යොදවා ඇති බවයි වාර්තා වන්නේ.