මහරගම, අඹගහපුර ප්රදේශයේ නිවසක කොන්ක්රීට් තට්ටුවක් අනාරක්ෂිත ලෙස කඩා ඉවත් කිරීමේ දී එයට යටවී කම්කරුවෙකු මියගොස් තිබෙනවා.
පැරණි නිවසක් ඉදිරිපිට කොන්ක්රීට් වලින් ඉදිකර තිබූ ඉස්තෝප්පුවක් කඩා ඉවත් කිරීමට යාමේදී ඉන් කොටසක් එකවර බිමට වැටීමෙන් අනතුර සිදුවුණා. මියගොස් ඇත්තේ දැරණියගල නක්කාවිට ප්රදේශයේ පදිංචි චමින්ද අරුණ ප්රභාත් නමැති 49 හැවිරිදි දෙදරු පියෙක්.
අනතුරට පත්වූ තැනැත්තා එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි පොලීසිය සදහන් කළේ. දේහය පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය කලුබෝවිල ශික්ෂණ රෝහලේදී සිදුකිරීමට නියමිතයි.