ඇමෙරිකානු ඩිමක්රොටික් පක්ෂ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩ්න් තෝරාපත් කළ උප ජනාධිපති අපේක්ෂිකාව වන කමලා හැරිස් අද සිය ප්‍රථම ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරයට සහභාගී වුණා.
ඇමෙරිකානු උපජනාධිපති ධුර අපේක්ෂකයකු ලෙස නම් කෙරුණු පළමු කලුජාතික සහ ආසියා ඇමෙරිකානු සම්භවයක් සහිත කාන්තාවක්ද වන්නේ ඇයයි. එමෙන්ම ඇයට ඉන්දියානු ජැමෙයිකානු සම්භවයක්ද ඇති බව වාර්තා වනවා. මීට පෙර ඇමෙරිකාවේ උප ජනාධිපති අපේක්ෂකත්වය සඳහා කාන්තාවන් නම් කර තිබුණේ අවස්ථා දෙකකදී පමණක් වන අතර ඔවුන් දෙදෙනාටම එම තනතුරට පත්වීමට හැකියාව ලැබුණේ නැහැ.කමලා හැරිස් කැලිෆෝනියා ප්‍රාන්තයේ සෙනෙට් සභිකයෙකු වන අතර ඇය කැලිෆෝනියා ප්‍රාන්තයේ හිටපු නීතිපතිවරයාද වනවා.