අභාවප්‍රාප්ත මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (13)දින බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.
ඒ මහතාගේ දේහය මේ වනවිට මත්තේගොඩ සම්බුද්ධිවත්තේ පිහිටි නිවසේ තැන්පත් කර තිබේ.
ධම්මික ගංගානාත් දිසානායක මහතා අභාවප්‍රාප්ත වන විට 62 වන වියේ පසුවුණා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානියා ලෙස ද ඒ මහතා කලක් සේවය කළා. එමෙන්ම ජාතික රූපවාහිනිය හා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපතිවරයා ලෙස ද ඒ මහතා කටයුතු කළා. මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා කෘති රැසක් රචනා කර තිබෙනවා.
පුවත්පත් විශේෂාංග රචනයෙන් ඒ මහතා බොහෝ පාඨකයන් අතරට පිවිසියා. එමෙන්ම ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද කලක් සේවය කළා.