කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නිකුත් කර ඇති වරෙන්තු ලබන 24 වනදා දක්වා ක්‍රියාත්මක නොකරන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා.
කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඇතුළු පස්දෙනෙකු තමන් අත්අඩංගුවට ගැනීමට නිකුත්කර ඇති වරෙන්තුව බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති රීට් පෙත්සම් මූලික වශයෙන් සළකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළා. කුරුණෑගල පිහිටි බුවනෙක බාහු රජු සමයට අයත් බව කියන ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නික්තුකර තිබුණා. ඊට එරෙහිවයි රීට් පෙත්සම් ගොනුකර තිබුණේ. මෙම පෙත්සම් විභාග කිරීමට නොතීසි නිකුත් කරන්නේද නැද්ද යන තීන්දුව හා දැනට නිකුත්කර තිබෙන වරෙන්තු ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නේ ද නැද්ද යන්න ලබන 24 වනදා ප්‍රකාශයට පත්කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නා.