fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නවසීලන්ත පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කල් දමයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 12, 2020 13:39

නවසීලන්ත පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කල්දැමීමට එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් තීරණයකර තිබෙනවා.

දින 101 කට පසු නැවතත් නවසීලන්තයෙන් කෝවිඩ් ආසාදිතයින් සිව් දෙනෙකු හමුවීමත් සමගින් මතුව ඇති තත්ත්වය සැළකිල්ලට ගනිමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කල්දැමීමට තීරණය කළ බවයි නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පවසන්නේ. නවසීලන්ත පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට නියමිතව තිබුණේ අද දිනයේදීයි. ඒ අනුව එරට මහ මැතිවරණය සැප්තැම්බර් මස 19 වන දින පැවැත්වීමටයි කටයුතු යොදා තිබුණේ. පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් මහ මැතිවරණ දිනය ද කල්දැමීමට සිදුවනු ඇති බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 12, 2020 13:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්