ඉන්දීය සාගර කලාපයේ පිහිටි මොරිෂස් දූපත් රාජ්‍යය ආසන්නයේ ඉන්දන නෞකාවක් අනතුරට ලක්ව තිබෙනවා.
අනතුර හේතුවෙන් නෞකාවේ තිබූ බොරතෙල් ප්‍රමාණයේ ටොන් දහසක් පමණ සාගරයට මුසුවී ඇති බවයි විදෙස් මාධ්‍යවාර්තා කරන්නේ. අනතුර සිදුවන අවස්ථාවේ නෞකාවේ බොරතෙල් ටොන් 4000 ක් පමණ ප්‍රවාහනය කරමින් තිබුණා.නෞකාව කොරල්පරයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. කාන්දු වූ ඉන්ධන හේතුවෙන් මොරීෂස් දූපත් ආසන්නයේ පිහිටි වෙරළතීරයට සහ කොරල්පර ඇතුළු සමුද්‍ර ජීවින්ට හානි සිදු වී ඇති බව පරිසරවේදීන් පෙන්වා දෙනවා.