උතුරු හා දකුණු වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ කාර්යයට නාවික හමුදාව පූර්ණ දායකත්වය ලබා දී තිබෙනවා.
දිවයින වටා වූ වෙරළ තීරය අපද්‍රව්‍යවලින් තොරව පවත්වාගෙන යාමට නාවික හමුදාව වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නැංවූවා. එය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බවයි නාවික හමුදාව පවසන්නේ.
උතුරු නාවික විධානය යාපනය අර්ධද්වීපයේ හා දූපත් ආශ්රිත වෙරළ කලාපය පිරිසිදු කිරීමට පියවර ගත්තා. දකුණු නාවික විධානය ගාල්ල දෙවට, තංගල්ල ගොයම් බොක්ක හා හම්බන්තොට ධීවර වරාය ආශ්රිත වෙරළ තීරයන් පිරිසිදු කළා.
වෙරළ පද්ධති ආරක්ෂාකර ගැනීම වෙනුවෙන් මෙන්ම පරිසර හිතකාමී වැඩසටහන් වෙනුවෙන් නාවික හමුදාව තවදුරටත් දායකත්වය ලබා දීමටයි ඉදිරිපත්ව සිටින්නේ.