ඇමෙරිකා ජනාධිපතිවරයාගේ නියෝජිතයකු තායිවානයට පැමිණීම සම්බන්ධයෙන් විරෝධය පල කරමින් චීන ප්‍රහාරක ජෙට් යානා දෙකක් තායිවාන දේශසීමාව හරහා ගමන් කර ඇති බව වාර්තා වනවා.
සෞඛ්‍ය සහ මානුෂික කටයුතු පිලිබඳ ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇලෙක්ස් අසාර් තායිවානයට පැමිණ සිටින අතර ඔහු තායිවාන ජනාධිපති ට්සායි ඉන් වෙන් සමග සාකච්ඡාවල නිරත වන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. දශක 04 කට පසු ඉහළ පෙලේ ඇමෙරිකා නිලධාරියකු තායිවානයට පැමිණි පළමු අවස්ථාව මෙය ලෙස සැළකෙනවා. තායිවානයට සෞඛ්‍ය සහ ආර්ථික සහයෝගය ලබා දෙන බවට ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ පණිවුඩයක් රැගෙනයි ඇලෙක්ස් අසාර් තායිවානයට පැමිණ සිටින්නේ. තායිලන්ත මිසයිල පද්ධතියෙන් මිදී එම දේශ සීමාවට ප්‍රහාරක ගුවන් යානා දෙකක් යොමු කිරීමෙන් චීනය තම බලය පෙන්නුම් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.