fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුවය ලැබූ සංඛ්‍යාව 2,593ක් දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2020 17:59

කොරෝනා රෝගීන් 14 දෙනෙකු අද දිනයේත් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගියා.

කොරෝනා නව ආසාදිතයන් තුන් දෙනෙකු ද අද හඳුනා ගැනුණා.

මෙරටින් වාර්තාවන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2,844 ක් බව සෞඛ්‍ය අංශ පවසනවා. ඉන් 2,593 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 240 ක් දක්වා අඩුවී තිබෙනවා. කොරෝනා බවට සැක සහිතව 70 දෙනෙකු තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

අද දිනයේ හඳුනාගත් රෝගීන් 3 දෙනාගෙන් දෙදෙනෙකු සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ පුද්ගලයින්. අනෙක් පුද්ගලයා ඉන්දියාවේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අයෙකු බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ.

කන්දකාඩු සහ සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට සම්බන්ධ සියලු ආසාදිතයන් සංඛ්‍යාව 606ක්. වැලිකඩ රැදවියා ඇසුරු කළ පුද්ගලයෙකුට ද රෝගය වැළදුනා. ඔවුන්ගෙන් 223 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා සිටිනවා. ඒ අනුව මෙම පොකුරෙන් දැනට ප්‍රතිකාර ලබමින් සිටින්නේ ආසාදිතයන් 183 දෙනෙකු පමණයි. මේ වන විට පීසීආර් පරික්ෂණ එක්ලක්ස හැත්තෑ එක් දහස් එකසිය හැට නවයක් සිදු කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2020 17:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්