ඉන්දියාවේ කේරළ ප්රාන්තයේ සිදු වූ නායයාමකින් හතළිස් තුන් දෙනෙකු ජීවිත්කෂයට පත්වුණා.
දින කිහිපයක් පුරා ඇදහැලුනු අධික වර්ෂාව හේතුවෙන් තේ වගා කළ ඉඩමකයි නායයාම සිදුව තිබෙන්නේ. වතුකම්කරු නිවාස තුළ එම ජනතාව නින්දේ පසුවන අතරතුරයි මෙම අනතුරට මුහුණ දී ඇත්තේ. මියගිය පිරිසට අමතරව තවත් විශාල පිරිසක් පස්වලට යට වී ඇතැයි විශ්වාස කෙරෙනවා. කෙසේ වුවද කේරළ ප්රාන්තයට තවදුරටත් අධික වැසි බලාපොරොත්තු වන බව එරට කාලගුණ දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් අනතුරු අගවා සිටිනවා.