මහකුඹුක්කඩවල ප්රදේශයේ උණුසුම්කාරී තත්ත්වයක්
Related Articles
වන අලි ප්රහාරයකින් පුද්ගලයෙකු මිය යාමත් සමඟ මහකුඹුක්කඩවල ප්රදේශයේ උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා.
මහකුඹුක්කඩවල ප්රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් කොහොඹගස්වැව ප්රදේශයේ දී වන අලි ප්රහාරයකට ලක්වීමෙන් මිය ගියේ එක්දරු පියෙක්. 40 හැවිරිදි ඔහු ප්රහාරයට ලක්වූයේ අලුයම රාජකාරී ස්ථානය බලා යමින් සිටියදීයි. සිය යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි මෙම පුද්ගලයා කොහොඹගස්වැව ප්රධාන මාර්ගයේ දීයි වන අලි ප්රහාරයට ලක්වුණේ. ඔහුගේ සිරුර තිබූ ස්ථානයට දහසකට අධික පිරිසක් රැස්වීමත් සමඟ ඇතිවූයේ උණුසුම් තත්ත්වයක්. ප්රදේශයේ වනජීවි නිලධාරීන්ට චෝදනා කරමින් ඔවුන් පැවසුවේ මහකුඹුක්කඩවල අවට ප්රදේශයන්හි පුද්ගලයින් හතර දෙනෙකු මාස කිහිපයක් ඇතුළත වන අලි ප්රහාරවලට ලක්ව මිය ගිය බවයි.
මේ අතර ලොරි හා වෑන් රථවල නැගී මහකුඹුක්කඩවල ප්රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණි පිරිස එහිදී විරෝධතාවක නිරත වුණා. පසුව පුත්තලම කලාප වනජීවී කාර්යාලය ඉදිරිපිටට පැමිණි ප්රදේශවාසීන් එහිදී පැය 3 කට අධික කාලයක් විරෝධතාවයේ නිරත වුණා. මේ සම්බන්ධයෙන් අප පුත්තලම වනජීවී කාර්යාංශයේ සහකාර අධ්යක්ෂ එරන්ද ගමගේ මහතාගෙන් විමසීමක් කළා.
වනජීවී නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව අදාළ වනඅලියා ඇල්ලීමට නිලධාරීන් කණ්ඩායමක් පිටත් කර හැරීමට කටයුතු කෙරුණා. ඉන් පසුවයි විරෝධතාකරුවන් විසිර ගියේ. පසුගිය මාස කිහිපය තුළ මෙම ප්රදේශයේ පුද්ගලයන් හයදෙනෙකු වන අලි පහරකෑමට ලක්ව මරණයට පත්ව තිබෙනවා.