කොරෝනා නව ආසාදිතයන් තුන් දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉන් දෙදෙනෙකු සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ පුද්ගලයින්. අනෙක් පුද්ගලයා ඉන්දියාවේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අයෙකු බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ.
අලුතින් හඳුනාගත් ආසාදිතයන් තුන්දෙනා ද සමඟ මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2,844 දක්වා ඉහළ ගියා. කෙසේ වෙතත් 2579 දෙනෙකු සුවය ලබා පිටත්ව ගොස් ඇති බැවින් සැබෑ ලෙසම ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 254 ක් පමණයි. දැනට රෝහල්වල විමර්ශනය යටතේ පුද්ගලයින් 58 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටිනවා.
කන්දකාඩු සහ සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට සම්බන්ධ සියලු ආසාදිතයන් සංඛ්‍යාව 606ක්. ඉන් 485 දෙනෙකු රැදවියන්. කාර්යමණ්ඩලයේ 67 දෙනෙකු ද ඊට අයත්. ආරාධිත කාර්ය මණ්ඩලයේ 5 දෙනෙකු සහ අදාල පවුල් සහ සමීපතමයින් 48 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස හදුනා ගැනුණා. වැලිකඩ රැදවියා ඇසුරු කළ පුද්ගලයෙකුට ද රෝගය වැළදුනා. ඔවුන්ගෙන් 223 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා සිටිනවා. ඒ අනුව මෙම පොකුරෙන් දැනට ප්‍රතිකාර ලබමින් සිටින්නේ ආසාදිතයන් 183 දෙනෙකු පමණයි. අද දිනයේදී නිරෝධායන මධ්‍යස්ථානවලින් 14 දෙනෙකු පිටත්ව යාමට නියමිතයි. ඒ අනුව අද දිනය වන විට පුද්ගලයින් 29,729 දෙනෙකු නිරෝධායනය අවසන් කර නිවෙස් බලා පිටත්ව ගොස් තිබෙනවා. මධ්‍යස්ථාන 36 ක් තුල මේ වන විට තුන්දහස් විසිපස් දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිනවා. මේ වන විට PCR පරීක්ෂණ එක්ලක්ස හැත්තෑ එක් දහස් එකසිය හැට නවයක් සිදු කර තිබෙනවා. ඒ ඊයේ දිනයේ සිදුකළ PCR පරීක්ෂණ හයසිය අසූවක්ද සමඟයි.
මේ අතර අද දිනයේදී ලංකාපුර ප්‍රදේශීය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් ගම්මාන කිහිපයක PCR පරීක්ෂණ සිදු කෙරෙන බව සෞඛ්‍ය නිලධාරීන් පවසනවා. කන්දකාඩු පොකුර ආශ්‍රිතව ලංකාපුර ප්‍ර දේශයෙන් ආසාදිතයින් 12 දෙනෙකු හදුනාගැනුනා. ඒ අනුවයි ලංකාපුර ප්‍රාදේශීය කාර්යාල සේවකයන් ඇතුළු 300 දෙනෙකුගේ PCR පරීක්ෂණ අද දිනයේදී සිදු කෙරෙන්නේ.