තලෙයිබාන් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධවීම හේතුවෙන් සිරගත කර සිටින පුද්ගලයන් 400 දෙනෙකු නිදහස් කිරීමට තමන් සූදානම් බව ඇෆ්ගනිස්ථාන ජනාධිපති අෂ්රොෆ් ගානි පවසනවා.
ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඇෆ්ගනිස්ථානයේ විවිධ ජන කොටස්වලට අයත් නායකයන් සමඟ දින 3 ක් පැවති සමුළුවකින් පසුවයි. ඇෆ්ගනිස්ථානය තුළ සාමය ස්ථාපනය කිරීමේ අරමුණින් සිරකරුවන් නිදහස් කිරීමට සැලසුම් කළ බවයි අෂ්රොෆ් ගානි සඳහන් කළේ. ඊට අදාළ නෛතික ලේඛනවලට ද අද දිනය තුළ අත්සන් තබන බව ජනාධිපතිවරයා කියාසිටියා. මෙලෙස නිදහස් කිරීමට නියමිත සිරකරුවන්ගෙන් 150 දෙනෙකුට වැඩි පිරිසක් මරණ දණ්ඩනයට නියම වී සිටින්නන් බවයි එරටින් ලැබෙන මාධ්‍ය වාර්තා සදහන්සඳහන් කළේ.