දෙවන ලෝක යුද සමයෙදී පරමාණු බෝම්බ ප්රහාරයට ලක්වීමේ 75 වන සංවත්සරය ජපානයේ නාගසාකි නුවරදී අද පැවැත්වුණා.
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ සංවත්සරය පන්සිය දෙනෙකුට පමණක් සීමා කිරීමට ජපන් බලධාරීන් තීරණයකර තිබුණා. මෙම අවස්ථාවට පරමාණු බෝම්බයෙන් දිවි ගලවාගත් පුද්ගලයින් කිහිප දෙනෙකු ද එක්ව සිටියා. ඔවුන් වෙත අත්පොලසන්නාද ලබාදෙමින් ගෞරවය දැක්වීම ද මෙහිදී සිදුවුණා. දෙසුමක් පැවැත්වූ නාගසාකි නගරාධිපති ටොමිහිෂා ටෝ ඉල්ලා සිටියේ පරමාණු බෝම්බ භාවිතය තහනම් කිරීමේ නීති අනපනත් ලෝක නායකයින් වහා සම්මත කරගත යුතු බවයි. 1945 වසරේ අගෝස්තු මස 9 වනදා පෙරවරු එකොළහයි දෙකට නාගසාකි නුවරට එල්ලවූ පරමාණු බෝම්බ ප්රහාරයෙන් ඒ මොහොතේදීම විසිහත් දහසකට වැඩි පිරිසක් මරණයට පත්වුණා.