fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අත්අඩංගුවට පත් නාකොටික්ලා මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගත් මෝටර් රථයක් බලපිටියෙන් අල්ලයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 8, 2020 18:38

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බවට චෝදනා එල්ල වී ඇති පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සදහා යොදාගත් බවට සැක කරන මෝටර් රථයක් බලපිටිය ප්‍රදේශයේදී සොයාගෙන තිබෙනවා.

අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවයි මෙම මෝටර් රථය සොයා ගත්තේ. මෙම රථය යොදා ගනිමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සිදුකර ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබදතා පැවැත්වූ බවට චෝදනා එල්ල වී ඇති පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනා ලබන 18 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් දැනට එම කාර්යාංශයේ නිලධාරීන් ඇතුලු 21 දෙනෙකු අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්තා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 8, 2020 18:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්