පොලිස් විශේෂ කාර්ය බලකාය කහවත්ත ප්රදේශයේ සිදු කළ වැටලීමකදී නීති විරෝධී මත්පැන් හා මත්පැන් පෙරීමේ උපකරණ තොගයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
එමෙන්ම සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන කහවත්ත පොලීසියට භාර දුන්නා. නීති විරෝධී මත්පැන් මිලිලීටර තිස් දහසක් මෙසේ පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මේ අතර හෙරොයින් මත්කුඩු මිලිග්රෑම් 2410 ක් ළග තබාගෙන සිටි පුද්ගලයෙකු දෙහිවල දුම්රියපොළ අසලදී අත්අඩංගුවට ගැනුණා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය කළ තවත් වැටලීමකදීයි.