නීතිවිරෝධී කැනීම් කළ පුද්ගලයින් 9 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ රුවන්වැල්ල ඉපිලියාගල ප්රදේශයේදී. අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවක් ද සිටින බවයි පොලීසිය පවසන්නේ.
සැකකරුවන් පැමිණි වෑන් රථයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඔවුන් රුවන්වැල්ල මහේස්ත්රාත් අධිකරණයට පෙරවරුවේ ඉදිරිපත් කිරීමටයි නියමිත.