fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රජය වී මෙටි‍්‍රක් ටොන් 600 ක් මිලදී ගෙන අවසන්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 8, 2020 09:08

රජය වී මෙටි‍්‍රක් ටොන් 600 ක් මේ වනවිට මිලදී ගෙන ඇතැයි වී අළෙවි මණ්ඩලය පවසනවා.

අම්පාර සහ කුරුණෑගල දිස්ති‍්‍රක්ක වලින් වැඩි වී ප‍්‍රමාණයක් මිලදී ගෙන ඇති බවයි සභාපති ජටාල් මාන්නප්පෙරුම මහතා ප‍්‍රකාශ කළේ.

මේ අතර බතලේගොඩ වී පර්යේෂණ ආයතනය නව වී ප‍්‍රභේද දෙකක් හදුන්වාදී තිබෙනවා. බී ජී 409 සහ බී ජී 252 ලෙස එය නම්කර ඇති බවයි පර්යේෂණ ආයතනය පවසන්නේ.

බී ජී 409 සුදු නාඩු වර්ගයට අයත් සහල් විශේෂයක්. බී ජී 252 රතු සම්බා වර්ගයක් බවයි බතලේගොඩ වී පර්යේෂණ ආයතනය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 8, 2020 09:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්