fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

14 වන අග‍්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම්දීම හෙට පෙරවරුවේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 8, 2020 09:03

ශ්‍රී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ 14 වන අග‍්‍රාමාත්‍යවරයා ලෙස පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ හෙට (09) දිවුරුම් දෙනවා.

උත්සවය පෙරවරු 9 ට ආරම්භ වන්නේ ඓතිහාසික කැළණි විහාර පුදබිමේදී. මහින්ද රාජපක්ෂ මහතා මෙරට අග‍්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙන 4 වන අවස්ථාව මෙයවීම විශේෂත්වයක්. නව රජයේ අමාත්‍ය මණ්ඩලය ද ලබන සතියේ දිවුරුම්දීමටයි නියමිත.

1970 වසරේ පළමු වරට පාර්ලිමේන්තුවට තේරීපත් වන මහින්ද රාජපක්ෂ මහතා 2004 වසරේ අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත්වුණා. 2005 ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කළ මහින්ද රාජපක්ෂ මහතා දෙවරක් මෙරට විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කළා.

අභිනව පාර්ලිමේන්තුව ලබන 20 වනදා රැස්වනවා. මන්තී‍්‍රවරුන්ගේ නම් ඇතුලත් ගැසට් නිවේදනය ඉදිරි පැය කිහිපයේදී නිකුත් කිරීමටයි නියමිත.

ශ්‍රී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ සන්ධානය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබාගනිමින් 2020 මහ මැතිවරණයෙන් අතිවිශිෂ්ඨ ජයග‍්‍රහණයක් හිමිකර ගත්තා. ඒ මන්තී‍්‍ර ආසන 151 ක් ලබාගනිමින්.

ශ්‍රී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ලබාගත් සමස්ථ ඡන්ද සංඛ්‍යාව හැට අට ලක්ෂ පනස් තුන්දහස් හයසිය අනූ තුනක්.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 8, 2020 09:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්