මනාප ඡන්ද ප්‍රතිඵලවලට අනුව දිවයිනේ වැඩිම මනාප ලබා සිටින්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි. ලබා ඇති මනාප ඡන්ද සංඛ්‍යාව පන්ලක්ෂ විසිහත්දහස් තුන්සිය හැට හතරක්.
කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන 11 ක් හිමිකරගෙන සිටිනවා. සමගි ජනබලවේගයට හිමි වූ ආසන සංඛ්‍යාව 4 යි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කණ්ඩායමේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම දිස්ත්‍රික්කයෙන් පමණක් නොව දිවයිනෙන්ම වැඩිම මනාප හිමිකර ගැනීම විශේෂත්වයක්. කුරුණෑගලින් මනාප ඡන්ද ලැයිස්තුවේ පිළිවෙළින් පත්ව සිටිනුයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගුණපාල රත්නසේකර, දයාසිරි ජයසේකර, අසංක නවරත්න, සමන්ප්රිය හේරත්, ඩී බී හේරත්, අනුර ප්‍රියදර්ශන යාපා, ජයරත්න හේරත්, ශාන්ත බණ්ඩාර සහ සුමිත් උඩුකුඹුර යන මහත්වරුන්. සමගි ජනබලවේගය පක්ෂයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා වැඩිම මනාප ලබා සිටින්නේ නලින් බණ්ඩාර මහතායි. එම සංඛ්‍යාව හැත්තෑපන්දහස් හයසිය තිස් එකක්. ජේ සී අලවතුවල, අශෝක් අබේසිංහ සහ තුෂාර ඉඳුනිල් යන මහත්වරුන් කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා සමගි ජනබලවේගය පක්ෂයෙන් තේරී පත් වූ අනෙක් මන්ත්‍රීවරුන්.
කොළඹ දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ආසන 12 ක් හිමිවනවා. සමගි ජනබලවේගයට ආසන 6 ක් ද ජාතික ජනබලවේගයට එක් ආසනයක්ද හිමිව තිබෙනවා.
කොළඹ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කණ්ඩායමේ පෙරමුණේ සිටින්නේ සරත් වීරසේකර මහතායි. ලබා ඇති මනාප ඡන්ද සංඛ්‍යාව තුන්ලක්ෂ විසිඅටදහස් අනූ දෙකයි. දිවයිනෙන්ම දෙවන ස්ථානයට වැඩිම මනාප ලබා සිටින්නේ ඔහුයි. විමල් වීරවංශ මහතා ලබා ඇති මනාප ඡන්ද සංඛ්‍යාව දෙලක්ෂ හැට හත්දහස් අසූ හතරයි. උදය ගම්මන්පිළ මහතා මනාප ඡන්ද එක්ලක්ෂ තිස්හයදහස් තුන්සිය තිස් එකක් ලබා සිටිනවා. අනතුරුව පිළිවෙළින් විජේදාස රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන, ප්‍රදීප් උදුගොඩ, දිනේෂ් ගුණවර්ධන, මධුර විතානගේ, ප්‍රේමනාත් සී දොලවත්ත, ගාමිණී ලොකුගේ, සුසිල් ප්‍රේම්ජයන්ත්, ජගත් කුමාර යන මහත්වරුන් වැඩිම මනාප ලබා පාර්ලිමේන්තුවට පත්ව සිටිනවා. සමගි ජනබලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබා සිටින්නේ සජිත් ප්‍රේමදාස මහතායි. ලබා ඇති මනාප ඡන්ද සංඛ්‍යාව තුන්ලක්ෂ පන්දහස් හත්සිය හතළිස් හතරයි. එස් එම් මරික්කාර් මහතා මනාප අනූහයදහස් නවසිය දාසයක් ලබාගනිමින් දෙවන ස්ථානයට පත්ව සිටිනවා. අනතුරුව පිළිවෙළින් මුජිබුර් රහුමාන්, ආචාර්ය හර්ෂ ද සිල්වා, පාඨලී චම්පික රණවක සහ මනෝ ගනේෂන් යන මහත්වරුන් මනාප ලබා පාර්ලිමේන්තුවට පත්ව සිටිනවා. ජාතික ජන බලවේගය පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට එක් ආසනයක් හිමි වුණා. ඒ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාටයි. ඔහු ලබා ඇති මනාප ඡන්ද සංඛ්‍යාව හතළිස් නවදහස් අටසිය දාහතරයි.
ගම්පහ දිස්ත්‍රික්කය සඳහා පොදුජන පෙරමුණ ආසන 13 ක් දිනා ගත්තා. සමගි ජනබලවේගයට ආසන 4 ක්ද, ජාතික ජනබලවේගයට එක් ආසනයක්ද හිමිවුණා. ගම්පහෙන් වැඩිම මනාප හිමිකර ගත්තේ පොදුජන පෙරමුණේ ආචාර්ය නාලක ගොඩහේවා මහතායි. ලැබු මනාප ඡන්ද සංඛ්‍යාව තුන්ලක්ෂ විසිපන්දහස් හාරසිය හැත්තෑ නවයක්. ප්‍රසන්න රණතුංග මහතා ලැබූ මනාප සංඛ්‍යාව තුන්ලක්ෂ දහසයදහස් පන්සිය හතළිස් හතරයි. පිළිවෙළින් ඉන්දික අනුරුද්ධ, සිසිර ජයකොඩි, නිමල් ලංසා, ප්‍රදීප් විතාන, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ප්‍රසන්න රණවීර, හර්ෂණී ගුණවර්ධන, ලසන්ත අලගියවන්න, මිලාන් සජිත් ජයතිලක සහ උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ යන අය වැඩිම මනාප ලබා පාර්ලිමේන්තුවට තේරී පත් වුණා. ගම්පහෙන් සමගි ජනබලවේගයේ වැඩිම මනාප ලැබුවේ සරත් ෆොන්සේකා මහතායි. ඒ මනාප එක්ලක්ෂ දස දහස් පන්සිය පනස් පහක් ලබාගනිමින්. මනාප එක්ලක්ෂ තුන්දහස් නවසිය අනූ දෙකක් ලබා ගනිමින් රංජන් රාමනායක මහතා දෙවන ස්ථානයට පත් වුණා. අනෙක් මන්ත්‍රීධූර දෙක හිමිවුයේ හර්ෂණ රාජකරුණා සහ කාවින්ද ජයවර්ධන යන මහත්වරුන්ටයි. ගම්පහ දිස්ත්‍රික්කය සදහා ජාතික ජනබලවේගයට එක් මන්ත්‍රී ආසනයක් හිමි වුණා. ඒ සදහා පත්ව සිටින්නේ මනාප තිස්හත්දහස් අටක් ලබාගනිමින් විජිත හේරත් මහතායි.
කළුතර දිස්ත්‍රික්කයේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ලැබූ ආසන සංඛ්‍යාව 8යි. සමගිජන බලවේගයට ආසන දෙකක් හිමිවුණා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ කණ්ඩාමේ වැඩිම මනාප ලබා සිටින්නේ විදුර වික්‍රමනායක මහතායි. එම සංඛ්‍යාව එක්ලක්ෂ හතලිස් හත් දහස් නවසිය පනස් අටයි. රෝහිත අබේගුණවර්ධන, සංජීව එදිරිමාන්න,පියල් නිශාන්ත, ජයන්ත සමරවීර, අනූප පස්කුවල්, ලලිත් එල්ලාවල සහ මහින්ද සමරසිංහ අනතුරුව වැඩිම මනාපයෙන් පත්ව සිටිනවා. සමගි ජනබලවේගයෙන් කළුතර දිස්ත්‍රික්කයට පත්ව සිටින්නේ රාජිත සේනාරත්න සහ කුමාර වෙල්ගම යන මහත්වරුනුයි. රාජිත සේනාරත්න මහතා ලැබූ මනාප සංඛ්‍යාව හැත්තෑ හත් දහස් හාරසිය හැත්තෑ හයක්.
පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබා සිටින්නේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතායි.ඔහු ඇතුළු මන්ත්‍රි ආසන 4ක් ශ්‍රීලංකා පොදුජන පෙරමුණෙන් එම දිස්ත්‍රික්කයට හිමිවුණා. මෛත්‍රීපාල සිරිසේන මහතා ලබා ඇති මනාප සංඛ්‍යාව එක්ලක්ෂ එකොළොස් දහස් එකසිය තිස්හතයි. රොෂාන් රණසිංහ, සිරිපාල ගම්ලත් සහ අමරකීර්ති අතුකෝරල එම දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තේරීපත්වූ අනෙක් දෙදෙනායි. කිංස් නෙල්සන් මහතා සමගි ජනබලවේගයෙන් පොළොන්නරුවට පත්ව සිටිනවා.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පෙරමුණේ සිටින්නේ එස් එම් චන්ද්‍රසේන මහතායි. ඒ මනාප එක්ලක්ෂ තිස්නව දහස් තුන්සිය හැටඅටක් ලබාගනිමින්. ඔහු ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හත් දෙනෙකුට මන්ත්‍රී ආසන හිමි වුණා. පිළිවෙළින් චන්න ජයසුමන, උද්දික ප්‍රේමරත්න, ෂෙහාන් සේමසිංහ, දුමින්ද දිසානායක, එච් නන්දසේන,කේපීඑස් කුමාරසිරි යන අයයි එලෙස වැඩිම මනාපයෙන් පත් වුණේ. සමගි ජනබලවේගයේ ආසන දෙක හිමිවුණේ ඉෂාක් රහුමාන් සහ රෝහණ බණ්ඩාර යන අයටයි.
රත්නපුර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රි ආසන 8 ක් ද සමගි ජනබලවේගයට ආසන තුනක් ද හිමිවුණා. මනාප ලැයිස්තුවේ පෙරමුණේ සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ පවිත්‍රා වන්නිආරචිචි මහත්මියයි. ඒ මනාප දෙලක්ෂ නවසිය හැත්තෑ හතක් ලබාගනිමින්. ප්‍රේමලාල් ජයසේකර, ජානක වක්කුඹුර, ගාමිණි වලේබොඩ,අකිල එල්ලාවල, වාසුදේව නානායක්කාර, මුදිතා ප්‍රිශාන්ති සහ ජෝන් සෙනෙවිරත්න යන මහත්ම මහත්මීන් ද පිළිවෙළින් වැඩිම මනාපයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට පත්ව සිටිනවා. සමගි ජනබලවේගයෙන් පත්ව සිටින්නේ හේෂා විතාණගේ,වරුණ ප්‍රියන්ත ලියනගේ සහ තලතා අතුකෝරල යන මහත්ම මහත්මීනුයි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබා ගත්තේ පොදුජන පෙරමුණේ කනක හේරත් මහතායි. ඒ මනාප එක්ලක්ෂ විසිඅට දහස් පන්සිය අනූ දෙකක් ලබාගනිමින්. එම පෙරමුණේ රංජිත් සියඹලාපිටිය, තාරක බාලසූරිය, රාජිකා වික්‍රමසිංහ,දුෂ්මන්ත මිත්‍රපාල, සුදත් මංජුල සහ උදය ගුණතිලක යන අය වැඩිම මනාපයෙන් පත් වුණා. සමගි ජනබලවේගයට කෑගල්ලෙන් හිමිවූ මන්ත්‍රී ආසන දෙකට හිමිකම් කියන්නේ කබීර් හෂීම් සහ සුජිත් සංජය යන අයයි.
නුවරඑළිය දිස්ත්‍රික්කය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබූ ආසන සංඛ්‍යාව 5 ක්. සමගි ජන බලවේගයට මන්ත්‍රි ආසන 3ක් හිමිවුණා. පොදුජන පෙරමුණ මනාප ලැයිස්තුවේ එම දිස්ත්‍රික්කයෙන් පෙරමුණේ සිටින්නේ ජීවන් තොණ්ඩමන් මහතායි. ලැබූ මනාප සංඛ්‍යාව එක්ලක්ෂ නවදහස් එකසිය පනස් පහක්. සී බී රත්නායක, එස් බී දිසානායක, එම් රාමේෂ්වරන් සහ නිමල් පියතිස්ස එම දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට පත්වූ අනෙක් අයයි. පලනි දිගම්බරන් වී රාධක්රිෂ්නන් සහ එම් උදයකුමාර සමගි ජනබලවේගයෙන් පත්ව සිටිනවා.
මහනුවර දිස්ත්‍රික්කය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 8 ක් දිනා ගත්තා. සමගි ජනබලවේගයට ආසන 4 ක් හිමිවුණා. එම දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ පෙරමුණේ සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ දිලුම් අමුණුගම මහතායි. මනාප සංඛ්‍යාව එක්ලක්ෂ හැත්තෑ එක්දහස් හත්සිය පනස් අටයි. පිළිවෙළින් මනාප අංක ලබා මහින්දානන්ද අලුත්ගමගේ, ලොහාන් රත්වත්ත, අනුරාධ ජයරත්න, කෙහෙළිය රඹුක්වැල්ල, වසන්ත යාපා බණ්ඩාර, ගුණතිලක රාජපක්ෂ සහ උදයන චාමින්ද කිරිදිගොඩ යන මහත්වරුන් පත්ව සිටිනවා. සමගි ජනබලවේගයෙන් පෙරමුණේ සිටින්නේ රවුෆ් හකීම් මහතායි. ඒ මනාප අසූතුන්දහස් තුන්සිය අනූ තුනක් ලබාගනිමින්. අබ්දුල් හලීම්, එම් වේලුකුමාර් සහ ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන් මහනුවරින් පත් වූ සෙසු අයයි.
මාතලේ දිස්ත්‍රික්කය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ආසන හතරකුත් සමගි ජන බලවේගයට එක් මන්ත්‍රී ආසනයකුත් හිමි වුණා. මනාප හැත්තෑ තුන්දහස් දෙසිය අනූහයක් ලබා පොදුජන පෙරමුණේ ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පෙරමුණේ සිටිනවා. නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ රෝහණ දිසානායක, ඊළගට වැඩිම මනාප ලබා පාර්ලිමේන්තුවට පත් වුණා. සමගි ජනබලවේගයේ මන්ත්‍රී ආසනය හිමිවුණේ රෝහිණී කවිරත්න මහත්මියටයි.
ගාල්ල දිස්ත්‍රික්කය සදහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට මන්ත්‍රි ධූර හතක් හිමිවුණා. එහිදී වැඩිම මනාප ලැබුවේ වෛද්‍ය රමේෂ් පතිරණ මහතායි. එම සංඛ්‍යාව දෙලක්ෂ පන් දහස් අටසිය දාහතරයි. ඊළගට පිළිවෙලින් සම්පත් අතුකෝරල, මොහාන් ද සිල්වා, චන්දිම වීරක්කොඩි, ඉසුරු දොඩන්ගොඩ, ශාන් විජේලාල් ද සිල්වා සහ ගීතා කුමාරසිංහ යන මහත්ම මහත්මීන් පත්ව සිටිනවා. සමගි ජනබලවේගයෙන් එම දිස්ත්‍රික්කයට මන්ත්‍රි ධුර දෙකක් හිමිවුණා. ඒ එම පක්ෂයෙන් පනස් දහස් අනූහතක් වන වැඩිම මනාප ලැබු ගයන්ත කරුණාතිලක මහතා සහ ඊළගට මනාප ලැබූ මනූෂ නානායක්කාර මහතායි.
මාතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රීලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ධුර 6 ක් සහ සමගි ජනබලවේගයට එක් මන්ත්‍රි ආසනයක් හිමිවුණා. දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබුවේ නිපුණ රණවක මහතායි. එම සංඛ්‍යාව එක්ලක්ෂ තිස් එක්දහස් දහයයි. ඊළගට පිළිවෙලින් වැඩිම මනාප ලැබූ කරුණාදාස කොඩිතුවක්කු, ඩලස් අලහප්පෙරුම, කංචන විජේසේකර, මහින්ද යාපා අබේවර්ධන සහ වීරසුමන වීරසිංහ යන මහත්වරුන් පත්ව සිටිනවා. සමගි ජනබලවේගයෙන් පත්ව සිටින්නේ මනාප හතලිස් හතර දහස් අටසිය තිස්නවයක් ලැබූ බුද්ධික පතිරණ මහතායි.
හම්බන්තොට දිස්ත්‍රික්කය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රි ආසන 6කුත්, සමගි ජනබලවේගයට එක් ආසනයකුත් හිමිවුණා. පොදු ජන පෙරමුණෙන් හම්බන්තොට පෙරමුණේ සිටින්නේ නාමල් රාජපක්ෂ මහතායි. ලැබූ මනාප සංඛ්‍යාව එක්ලක්ෂ හැට හයදහස් හයසිය හැටයි. ඩීවී චානක, මහින්ද අමරවීර, චමල් රාජපක්ෂ, වෛද්‍ය උපුල් ගලප්පත්ති සහ අජිත් රාජපක්ෂ යන මහත්වරුන් මීලගට වැඩිම මනාපයෙන් එම දිස්ත්‍රික්කයට පත්ව සිටිනවා. සමගි ජනබලවේගය හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ලැබූ එකම ආසනයට හිමිකම් කියන්නේ දිලීප් වෙදආරච්චි මහතායි. ඒ මනාප විසිපන්දහස් තුන්සිය හැත්තෑ හයක් ලබා ගනිමින්.
මොනරාගල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන පහක් ද සමගි ජනබලවේගයට එක් ආසනයක්ද ලබා තිබෙනවා. එම දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණ කණ්ඩායමේ පෙරමුණේ සිටින්නේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතායි. ඒ මහතා ලැබූ මනාප සංඛ්‍යාව එක්ලක්ෂ හාරදහස් හත්සිය විසිනවයයි. මී ළගට පිළිවෙළින් කුමාරසිරි රත්නායක, විජිත බේරුගොඩ, ජගත් පුෂ්පකුමාර සහ ගයාශාන් නවනන්ද යන මහත්වරුන් පත්ව සිටිනවා. ධර්මසේන විජේසිංහ මහතායි සමගිජනබලවේගයෙන් මොනරාගලට පත්ව සිටින්නේ. ඒ මනාප විසිහදහස් හයසිය හැට දෙකක් ලබා ගනිමින්.
බදුල්ල දිස්ත්‍රික්කය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් හය දෙනෙකු පත් වුණා. වැඩිම මනාප ලබා ප්‍රථම ස්ථානයට පත් වුණේ නිමල් සිරිපාල ද සිල්වා මහතායි. ඒ මනාප එක්ලක්ෂ හතළිස් එක් දහස් නවසිය එකක් ලබාගනිමින්. සුදර්ශන දෙණිපිටිය, තේනුක විදානගමගේ, චාමර සම්පත් දසනායක, ඩිලාන් පෙරේරා සහ ජානක තිස්ස කුට්ටිආරච්චි, පිළිවෙළින් වැඩිම මනාප ලබා පත් වුණා. සමගි ජනබලවේගයට බදුල්ලෙන් හිමිවුණේ මන්ත්‍රී ආසන 3 යි. වඩිවෙල් සුරේෂ්, ඒ අරවින්ද කුමාර් සහ චමින්ද විජේසිරි යන අය වැඩිම මනාපයෙන් ඒ සදහා පත් වුණා.
පුත්තලම දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබූ ආසන සංඛ්‍යාව 05 යි. එහි වැඩිම මනාප ලැබුවේ සනත් නිශාන්ත මහතායි. එම සංඛ්‍යාව අසූදහස් අසූදෙකක්. පියංකර ජයරත්න, අරුන්දික ප්‍රනාන්දු, චින්තක අමල් මායාදුන්න සහ අශෝක ප්‍රියන්ත තේරී පත්වූ අනෙක් අයයි. පුත්තලම දිස්ත්‍රික්කයෙන් සමගි ජනබලවේගයට ආසන 02 ක් හිමිවුණා. ඒ සදහා හෙක්ටර් අප්පුහාමි සහ නිරෝෂන් පෙරේරා යන මහත්වරුන් පත්ව තිබෙනවා. මුස්ලිම් ජාතික සන්ධානය ද එක් ආසනයක් හිමිකර ගත්තා. අබ්දුල් අලි සබ්රි මහතායි ඒ සදහා පත්ව සිටින්නේ.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලවලට අනුව සමගි ජනබලවේගයේ එම් එස් තව්ෆික් මහතා ඉදිරියෙන් සිටිනවා. ඒ මනාප හතළිස් තුන්දහස් හත්සිය පනස් නවයක් ලබාගනිමින්. ඔහු සමගින් ඉම්රාන් මහරුෆ් මහතා එම දිස්ත්‍රික්කයෙන් පත් වුනා. ත්‍රිකුණාමලයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් ආසනයක් හිමි වුණා. ඒ කපිල නුවන් අතුකෝරළ මහතාටයි. ඉලංගෙයි තමිල් අරසු පක්ෂයට එක් මන්ත්‍රී ආසනයක් හිමි වූ අතර වැඩිම මනාප ලබා ඒ සදහා පත් වූයේ ආර් සම්බන්ධන් මහතායි.
දිගාමඩුල්ල දිස්ත්‍රික්කය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ආසන තුනක්ද සමගි ජනබලවේගයට ආසන 2 ක් ද, ජාතික කොංග්‍රසයට සහ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයට එක් ආසනය බැගින්ද හිමි වුනා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විමලවීර දිසානායක මහතා මනාප හැටතුන්දහස් පන්සිය අනුහතරක් ලබා ගනිමින් පෙරමුණේ සිටිනවා. පොදුජන පෙරමුණේ ඩී සී වීරසිංහ සහ තිලක් රාජපක්ෂ යන මහත්වරුන් සෙසු මන්ත්‍රීධූර දෙක සදහා පත් කෙරුණා. සමගි ජන බලවේගයෙන් පත්වූයේ එච් එම් එම් හාරිස් සහ ෆයිසාල් කාසිම් යන අයයි. ජාතික කොංග්‍රසයෙන් ඒ එල් එම් අතාවුල්ලා මහතා පත් වුණා. සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ආසන හිමි වූයේ මොහොමඩ් මුෂ්රාෆ් මහතාටයි.
මඩකලපුව දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබා සිටින්නේ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතාටයි. තමිල් මක්කල් විඩුතලෙයි පුලිහල් පක්ෂයෙන් ඉදිරිපත් වූ ඔහු ලැබූ මනාප සංඛ්‍යාව පනස් හතර දහස් එකසිය අනූ අටක්. ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ සානක්‍ය රාහුල් සහ කෝවින්දන් කරුණාගරන් යන අය පත් වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එස් වියාලේන්ද්‍රන් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ අහමඩ් සෙයිනුලාබ්දීන් නසීර් යන දෙදෙනායි මඩකලපුව දිස්ත්‍රික්කය සදහා වැඩිම මනාපයෙන් පත් වුණේ.
වන්නි දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූවේ සමගි ජනබලවේගයේ රිෂාඩ් බද්යුදීන් මහතායි. ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ චාල්ස් නිර්මලනාදන් සෙල්වම්, අඩෙක්කලනාදන් සහ එස් යෝහරාජලිංගම් වැඩිම මනාපයෙන් පත් වුනා. පොදුජනපෙරමුණේ කාදර් මස්තාන් සහ ඊළාම් ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂයේ කුලසිංහම් දිලීපන්ද වන්නි දිස්ත්‍රික්කයට වැඩිම මනාපයෙන් පත්ව සිටිනවා.
යාපනය දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබා පාර්ලිමේන්තුවට පත්ව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අංගජන් රාමනාදන් මහතායි. ඒ මහතා ලැබූ මනාප සංඛ්‍යාව තිස්හයදහස් තුන්සිය හැට පහයි. ඉලංගෙයි තමිල් අරසු පක්ෂයට මන්ත්‍රීධූර 3 ක් හිමි වුණා. සිවඥානම් ශ්‍රී ධරන්, එම් ඒ සුමන්දිරම් සහ ඩී සිද්ධාර්ථන් යන මහත්වරුන් ඒ සදහා පත්ව සිටිනවා. අහිල ඉලන්කෙයි තමිල් කොංග්රස් පක්ෂයේ ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම්, ඊළාම් ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ඩග්ලස් දේවානන්දා සහ තමිල් මක්කල් තේසීය කූට්ටනි පක්ෂයේ සී වී විග්නේෂ්වරන් යන මහත්වරුන් යාපනය දිස්ත්‍රික්කය සදහා පාර්ලිමේන්තුවට පත්ව සිටිනවා.