fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බේරූට් පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 14 දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2020 17:03

ලෙබනනයේ බේරූට් නගරයේ සිදු වූ දැවැන්ත පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකාවේ එරට තානාපති කාර්යාලය නිවේදනය කරනවා. මේ අතර ලෙබනන් රජයට විරුද්ධව ද එරට ජනතාව උද්ඝෝෂණ ආරම්භ කර තිබෙනවා.

මේ දක්වා මියගිය ශ්‍රී ලාංකිකයෙකු පිළිබද වාර්තා වී නැති බවයි ශ්‍රී ලංකාවේ එරට තානාපතිනි ශානි කරුණාරත්න මහත්මිය සඳහන් කරන්නේ. කෙසේ වුවද පිපිරීමෙන් මේ වනවිට පුද්ගලයින් එකසිය පනස් හතර දෙනෙකු මිය ගොස් පන්දහසකට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා තිබෙනවා. බේරූට් නගරයේ නිවාස තිස්දහසක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි තානාපති කාර්යාලය නිවේදනය කරන්නේ. තුවාල ලැබූ පුද්ගලයින් වෙනුවෙන් තානාපති කාර්යාලය සංවිධාන කළ ලේ දන්දීමේ වැඩසටහනක් ද අද දිනයේදී පැවැත් වූ බව වාර්තා වනවා.

කෙසේ වුවද පිපිරීමේ සම්පූර්ණ වගකීම රජය භාරගත යුතු බව පවසමින් ජනතාව විරෝධතා පවත්වන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. පොලීසිය හා විරෝධතාකරුවන් අතර දරුණු ගැටුම් ඇති වූ බවයි එරට ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2020 17:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්