සම්පායෝට විශේෂ වරප්‍රසාද දුන් බවට පළ වූ මාධ්‍ය වාර්තා අසත්‍යයි
Related Articles
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතාට දුම්බර බන්ධනාගාරයේදී විශේෂ වරප්‍රසාද ලබා දුන් බවට පළ වූ මාධ්‍ය වාර්තා අසත්‍ය බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසනවා.
මීගමුව බන්ධනාගාරයේ රැඳවූවන්ට පහසුකම් සැලසීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඇතුලු 4 දෙනෙකු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ ඔවුන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පසුගිය 4 වනදා ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. අනුරුද්ධ සම්පායෝ හා තවත් සැකකරුවෙකු දුම්බර බන්ධනාගාරය වෙත යොමු කරන ලෙස ද අධිකරණය නියෝග කළේ ඉදිරිපත් වූ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින්. සම්පායෝ මහතාට එම බන්ධනාගාරයේදී විශේෂ වරප්‍රසාද ලබා දෙන බවට මාධ්‍ය වාර්තා පළ වී තිබුණා. ඔහු රඳවා ඇති සිරමැදිරියේ තවත් සැකකරුවන් 9 දෙනෙකු රඳවා ඇති බවත් කිසිදු අමතර පහසුකමක් සැලසීමට කටයුතු කර නැති බවත් අද පැවති මාධ්‍ය හමුවකදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළා.