fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

Update: 2020 මහ මැතිවරණය – සමස්ථ ප්‍රතිඵලය මෙතැනින්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2020 11:56

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය – සමස්ථ ඡන්ද ප්‍රතිඵලය


VOTE 2020 : ලද සැණින් එසැණින් ප්‍රතිඵල රටටම දෙන්න ITN මාධ්‍ය ජාලය සූදානමින්

2020 මහ මැතිවරණයේ ප්‍රතිඵල ඇතුළු සියලු තොරතුරු එසැණින් ඔබ වෙත ගෙන ඒමට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

නවීන තාක්ෂණය සමඟ HD මැදිරියේ සිට ප්‍රතිඵල විකාශය ගෙනඒමටයි කටයුතු යොදා ඇත්තේ.

ස්වාධීන රූපවාහිනී VOTE 2020 විශේෂ මැතිවරණ විකාශය මේ වන විට ආරම්භ කර තිබෙනවා.මැතිවරණයේ සියලු තොරතුරු ලද සැණින් එසැනින් ඔබ වෙත ගෙන ඒමට ස්වාධීන රූපවාහිනී අප කණ්ඩායම සූදානමින් සිටිනවා.

පසුගිය මාර්තු 2 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සිට මහ මැතිවරණයට හා කාලීන දේශපාලනයට අදාළ පුවත් ඔබ වෙත ලද සැණින් එසැණින් ගෙන ඒමට අප කටයුතු කළා.

මහ මැතිවරණයේ ප්‍රතිඵල ස්වාධීන රූපවාහිනී VOTE 2020 විශේෂ මැතිවරණ විකාශය ස්වාධීන රූපවාහිනිය, ලක්හඩ ගුවන් විදුලිය, වසන්තම් TV , වසන්තම් FM ඔස්සේ ගෙන ඒමටයි කටයුතු යොදා ඇත්තේ. එමෙන්ම ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ Facebook පිටු හරහාද ප්‍රතිඵල එම මොහොතේදීම දැක ගැනීමේ අවස්ථාව උදාවනවා.  ITN SMS Alert සේවාව හරහා ප්‍රතිඵල ඔබේ ජංගම දුරකතනයට ගෙන්වා ගැනීමට ද පහසුකම් සලසා තිබෙනවා.  itntv.lk වෙබ් අඩවියෙන් ද සජීවීව ප්‍රතිඵල විකාශය කෙරෙනවා.

මාධ්‍ය මෙහෙයුම වෙනුවෙන් සෑම දිස්ත්‍රික්කයම සිටින විශේෂ මාධ්‍ය කණ්ඩායම් හා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ද සම්බන්ධ කර ගැනීමටයි කටයුතු සම්පාදනය කර තිබෙන්නේ.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2020 11:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්