fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෙබනන් පිපිරීමෙන් ශ්‍රී ලාංකිකයෙකුට තුවාල

ITN News Editor
By ITN News Editor අගෝස්තු 5, 2020 12:42

ලෙබනනයේ බේරූට් නගරයේ සිදු වූ පිපිරීමෙන් ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටත් ජීවිත හානියක් සිදුව ඇති බවට මෙතෙක් වාර්තා වී නැති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරනවා.

මෙතෙක් වාර්තා වී ඇති තොරතුරු අනුව එක් ශ්‍රී ලාංකිකයෙක් තුවාල ලබා ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති ශානි කරුණාරත්න මහත්මිය ස්වාධීන රූපවාහිනි ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියා. පිපිරීමෙන් තානාපති කාර්යාලයටද සුළු හානි සිදුව තිබෙනවා.

පිපිරීමෙන් පුද්ගලයින් හැත්තෑ අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව හාරදහසකට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. ඇමෝනියම් නයිට්ට්‍රේට් ටොන් තුන්දහසකට ආසන්න ප්‍රමාණයක් වසර හයක් පුරා අනාරක්ෂිතව ගබඩා කර තැබීම හේතුවෙනුයි මෙම පිපිරීම සිදුව ඇත්තේ. එරට ජනාධිපති මිචෙල් අවුන් සති දෙකක හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. ලෙබනනයේ අග්‍රාමාත්‍ය කාර්යාලයටද පිපිරීමෙන් හානි සිදුව තිබෙනවා. පිපිරිම සිදුවන අවස්ථාවේ බේරූට් නගරයම ගිගුම් කා ගිය බවයි සිද්ධිය ඇසින් දුටවන් සඳහන් කරන්නේ.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 5, 2020 12:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්