ලෙබනනයේ බේරූට් නගරයේ සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් හැත්තෑ අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පිපිරීමෙන් හාරදහසකට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි ලෙබනන් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. පිපිරිම සිදු වන අවස්ථාවේ බේරූට් නගරයම ගිගුම් කා ගිය බව සිද්ධිය ඇසින් දුටවන් සඳහන් කරනවා. පිපිරීමෙන් අනතුරුව එම ප්‍රදේශය කළු දුමාරයකින් වැසී ගිය බවයි වාර්තා වන්නේ. ඇමෝනියම් නයිට්ග්රේට් ටොන් තුන්දහසකට ආසන්න ප්‍රමාණයක් අනාරක්ෂිතව ගබඩා කිරීම හේතුවෙන් මෙම පිපිරීම සිදු වූ බව එරට ජනාධිපති මිචෙල් අවුන් නිවේදනය කරනවා.