fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හගුපිට් සුළි කුණාටුවෙන් නැගෙනහිර චීනයට දරුණු බලපෑම්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2020 11:43

හගුපිට් සුළි කුණාටුවෙන් නැගෙනහිර චීනයට දරුණු බලපෑම් එල්ල වී තිබෙනවා.

නැගෙනහිර චීනයේ ෂිං ජියෑන් පළාතේ ප්‍රදේශ ගණනාවක් සුළි කුණාටුවේ බලපෑමට ලක් වී ඇති බවයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ. පැයට කිලෝමීටර් 130 ක වේගයෙන් හමා ගිය දැඩි සුළඟ සමඟ ඇති වූ වර්ෂාව හේතුවෙන් ගංවතුර තර්ජනයටද මුහුණ පා සිටිනවා. දේපළ රැසක් ද විනාශයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. සුළි කුණාටුව ඉදිරි පැය කිහිපය තුළදී කොරියාව දෙසට ගමන් කරනු ඇති බවයි ෂිං ජියෑන් කාලගුණික අංශ නිවේදනය කරන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2020 11:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්