නවීණ පහසුකම් සහිත වාට්ටු සංකීර්ණයක් අයි ඩී එච් රෝහල ආශි‍්‍රතව ඉදිකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
ඕනෑම බෝවන රෝග වසංගතයකදී රෝගීන් වෙන්කර තබාගනිමින් ප්‍රතිකාර කිරීමයි අරමුණ. එහි මූලික සැලසුම් කඩිනමින් කි‍්‍රයාත්මක කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් නයිටීන් හදිසි ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති සුදානම් කිරීමේ ව්‍යාපෘතියේ අධ්යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සඳහන් කළේ.
කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර ලබාදීමේදී ද අයි ඩී එච් රෝහල පවතින පහසුකම් මනා ලෙස කළමනාකරණය කරමින් විශිෂ්ඨ සේවාවක් ලබාදුන් බවයි ජයසුන්දර බණ්ඩාර මහතා පවසන්නේ.