එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර මහ මැතිවරණයට තරග වදින ටයිටස් පෙරේරා මහතාගේ මැතිවරණ කාර්යාලයට එල්ල වූ මැර ප්රහාරයකින් ඒ මහතාගේ බිරිඳ ඇතුලු තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ටයිටස් පෙරේරා මහතා එක්සත් ජාතික පක්ෂයෙන් තරග වදින්නේ කොළඹ දිස්ත්රික්කය සඳහායි. කිරුළපන පිහිටි ඒ මහතාගේ මැතිවරණ කාර්යාලයට අද අලුයම 1 ට පමණයි මෙම මැර ප්රහාරය එල්ල වුණේ. ඉන් තුවාල ලැබූ ඒ මහතාගේ බිරිඳ හා ආධාරකරුවෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටිනවා. සමගි ජන බලවේගයෙන් කොළඹ දිස්ත්රික්කයට තරග වදින අපේක්ෂකයෙකු මෙම ප්රහාරය සිදු කළ බවට සැක කරන බවයි ටයිටස් පෙරේරා මහතා පවසන්නේ.
මේ අතර තුවාල ලැබූවන්ගේ සුවදුක් විමසීමට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්රමසිංහ මහතා ද ශ්රී ජයවර්ධනපුර රෝහලට පැමිණ සිටියා.