වෛරසය හේතුවෙන් ඉරානයේ මිය ගිය සංඛ්‍යාව පිළිබඳ දත්ත සඟවා ඇති බවට BBC පුවත් සේවය සිදු කළ විමර්ශනයකින් අනාවරණය වී තිබෙනවා.
ඉරානය තුළ සිදු වූ කොරෝනා මරණ සංඛ්‍යාව දාහත්දහස් එකසිය අනූවක් ලෙස දැක්වුවද සත්‍ය සංඛ්‍යාව හතළිස් දෙදහසකට ආසන්න බව BBC පුවත් සේවය සඳහන් කරනවා. එමෙන්ම ආසාදිතයින් සංඛ්‍යාව තුන්ලක්ෂ නවදහස් හාරසිය තිස්හතක් ලෙස ඉරාන සෞඛ්‍ය අංශ පැවසුවද එරට ආසාදිතයින් සංඛ්‍යාව හාරලක්ෂ පනස් දහස ඉක්මවා ඇති බවයි එම පුවත් සේවය තවදුරටත් පවසන්නේ.