fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වික්ටෝරියා ප්‍රාන්තයට සති හයක කාලයක් ඇඳිරිනීතිය

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2020 13:28

ඕස්ට්‍රේලියාව තුළ වෛරස ව්‍යාප්තිය අඩාල කිරීමට වික්ටෝරියා ප්‍රාන්තයට ඊයේ රාත්‍රී අටේ සිට උදෑසන පහ දක්වා ඇඳිරිනීතිය පැනවීමට බලධාරීන් ක්‍රියා කරනු ලැබුවා. එය සති හයක කාලයක් පුරා ක්‍රියාත්මක වනු ඇති. මේ අතර ආපන ශාලා විවෘත වුවද ඒවා තුළ සිට ආහාර ගැනීමට අවසර හිමි වී නැහැ. අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ අලෙවිසැල් ද වසා දැමීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

මේ අතර තමන්ට හිමි අසනීප නිවාඩු මේ වන විටත් අවසන්ව ඇති පුද්ගලයන්ට ඉදිරියේදී අවශ්‍ය  නිවාඩු වෙනුවෙන් ඩොලර් එක්දහස් පන්සියයක දීමනාවක් ලබාදෙන බව අග්‍රාමාත්‍ය ස්කොඩ් මොරිසන් නිවේදනය කරනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2020 13:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්