fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගත වූ පැය 24 ට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා වෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2020 13:22

ගත වූ පැය 24 ට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූ රට වන්නේ ඉන්දියාවයි.

ඊයේ දිනයට එරටින් ආසාදිතයින් පනස් දෙදහස් හත්සිය අසූ තුන්දෙනෙකු හමු වූ අතර ඒ සමගම සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ දහඅට ඉක්මවා තිබෙනවා. මේ අතර සුරාසැල් වසා දැමීම හේතුවෙන් විෂ මත්පැන් පානය කිරීමෙන් මියගිය සංඛ්‍යාව අසූ හය දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. නීතිවිරෝධී මත්පැන් වෙළඳාමේ යෙදුනු පුද්ගලයින් විසිපස් දෙනෙකු හා විෂ මත්පැන් ලීටර් දහස් ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම විෂ මත්පැන්වල තීන්ත නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය අඩංගු බවයි සෞඛ්‍ය අංශ නිවේදනය කරන්නේ. මේ අතර සුපිරි බොලිවුඩ් නළු අමිතා බච්චන් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව වාර්තා වනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2020 13:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්