fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2020 09:45

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙනවා. ඒ එහි සභාපති හිටපු කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වන්නේ කතානායක නිල නිවසේදීයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ , හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ප්‍රමුඛ  ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් ඊට එක්වීමට නියමිතියි.

මානව හිමිකම් කොමිසම සහ රාජ්‍ය සේවා කොමිසමේ අඩුපාඩු හා හානි පුර්ණය පිළිබඳ කාර්යාලයේ පුරප්පාඩු සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන් මෙහිදී අවධාන යොමු වනු ඇති බවයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහලේකම් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසන්නේ. මුදල් කොමිසම, සීමා නීර්ණ කොමිසම , විගණන සේවා කොමිසම හා ජාතික ප්‍රසම්පාදන කොමිසම ඉදිරිපත් කර ඇති කාර්තු ප්‍රගති වාර්තා කෙරෙහිද මෙහිදී අවධානය යොමු කෙරෙන බවයි දසනායක මහතා තවදුරටත් සඳහන් කළේ.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2020 09:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්