ඊයේ දිනය තුළදී පමණක් ඉන්දියාවෙන් නව ආසාදිතයන් පනස්හතර දහස් අටසිය හැටපහක් වාර්තා වුණා.
ඒ අනුව මුළු ආසාදිත සංඛ්‍යාව දාහත්ලක්ෂ පනස්එක්දහස් නවසිය දහනවයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර විෂ මත්පැන් පානය කිරීම හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 89 දක්වා ඉහළ ගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. වසංගතය හේතුවෙන් මත්පැන් අලෙවිසල් වසා තැබීම නිසා ඔවුන් ඇල්කොහොල් භාවිත කර නිෂ්පාදනය කරන සැන්ටයිසර් පානය කිරීමට පෙළඹී තිබෙනවා.