පසුගිය අවුරුදු 05 ක කාලය තුළ රටේ සංවර්ධනය සම්පූර්ණයෙන් ආපස්සට හැරවූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා මාපලගම මහජන ක්‍රීඩාංගනයේ පැවති ජන හමුවක් අමතමිනුයි අග්‍රාමාත්‍යවරයා මේබව කියා සිටියේ. දකුනු පළාත් සභාවේ හිටපු උප සභාපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිනිදුම ආසන සංවිධායක සම්පත් අතුකෝරල මහතායි මෙම ජන හමුව සංවිධාන කර තිබුණේ. මෙම අවස්ථාවට අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඇතුළු දේශපාලන නියෝජිතයන් රැසක් එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/QK7YI0ZzqwQ”]