fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහ මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 2, 2020 09:11

මෙවර මහ මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා. දේශපාලන පක්ෂ හා අපේක්ෂකයින් මැතිවරණ නීති ආරක්ෂා කරමින් සාධාරණ ඡන්ද විමසීමකට සහාය දිය යුතු බවයි මැතිවරණ කොමිසන් සභාව අවධාරණය කරන්නේ.

අද මධ්‍යම රාත්‍රී 12.00 න් පසු මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කිරීම සපුරා තහනම් වනවා. ප්‍රචාරක රැස්වීම් පැවැත්වීම , වතු හෝ නිවාස තුළ රැස්වීම් පැවැත්වීම , ඡන්ද ආයාචනා කරමින් ගෙයින් ගෙට යාම, අත්පත්‍රිකා බෙදීම ,නියෝජිත ශාඛා කාර්යාලවල ප්‍රචාරක පුවරු ප්‍රදර්ශනය හා පෝස්ටර් බැනර් ප්‍රදර්ශනය මේ අනුව තහනම් වනවා. මැතිවරණ නීති දැඩිව ක්‍රියාත්මක කිරීමටයි මැතිවරණ කොමිසන් සභාව පියවර ගෙන ඇත්තේ. අද මධ්‍යම රාත්‍රී 12.00 න් පසු ආරම්භ වන නිහඬ කාලසීමාව තුළ සියලු දේශපාලන පක්ෂ හා කණ්ඩායම් මෙන්ම අපේක්ෂකයින් නීතිවිරෝධී ක්‍රියාවලින් වැළකී නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමට උපරිම සහාය ලබා දිය යුතු බවයි මැතිවරණ කොමිසම දැනුම් දෙන්නේ.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 2, 2020 09:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo