fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රදේශ කිහිපයකට තද වැසි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 2, 2020 08:46

සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකියි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලට පැයට කිලෝමීටර් 60 ඉක්මවූ තද සුළං ද ඇති වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවලට මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතිනවා. ඒ හේතුවෙන්  වෙරළ ආසන්නයේ සිටින ජනතාව අවධානයෙන් සිටින ලෙසයි දැනුවත් කෙරෙන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 2, 2020 08:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo