වර්ජනයේ නිරත වරාය සේවකයින්ට එරෙහිව අධිකරණ නියෝගයක්
Related Articles
කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ශ්රි ලංකා වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යන ලෙස ඉල්ලමින් වරාය සේවකයින් වැඩවර්ජනයක නිරතව සිටිනවා.
වර්ජනයේ නිරත වරාය සේවකයින්ට එරෙහිව පොලීසිය විසින් අධිකරණ නියෝගයක්ද ලබාගෙන තිබෙනවා.
ඒ වරාය ප්රධාන මාර්ගය අවහිර කිරීම, අවට රාජ්ය ආයතන වලට ඇතුළුවීම, මහජන පීඩා ඇතිවන අයුරින් කටයුතු කිරීම වළක්වාලමින්.
සාකච්ඡා මාර්ගයෙන් ගැටලුව විසදා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි වරාය අධිකාරී සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා පවසන්නේ.