fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

8 හැවිරිදි පිරිමි දරුවා ලිංගික අපයෝජනය කර ගෙල සිරකර මරා දමලා!

ITN News Editor
By ITN News Editor අගෝස්තු 1, 2020 19:30

වැඩිහිටියන්ගේ විවිධ ක්‍රියා හේතුවෙන් මල්වැනි පුංචි දරුවන්ට අකාලයේ ජීවිත අහිමිවූ අවස්ථා දිගින් දිගටම වාර්තා වුණා. ගලේවෙල ප්‍ර දේශයේ 8 හැවිරිදි දරුවෙකුට ද මෙසේ ජීවිතය අහිමි වූයේ කිසියම් පුද්ගලයෙකුගේ සාහසික ක්‍රියාවක් හේතුවෙන්.

ගලේවෙල පත්කොළගොල්ල ප්‍රදේශයේ පදිංචි 8 හැවිරිදි පිරිමි දරුවෙකු රෙදි කැබැල්ලකින් ගෙල සිරකර ඝාතනය කර තිබෙනවා. මව් සෙනෙහස අහිමිවූ මෙම දරුවා පියාගේ සමීපතම ඥාතියෙකුගේ නිවසෙහි දිවි ගෙවමින් සිටි බවයි පැවසෙන්නේ. පදිංචි නිවස ආසන්නයේ ඇල මාර්ගයක් අසළට ගමන්ගත් දරුවා හදිසියේ අතුරුදන්ව ඇති අතර ඥාතීන් කළ සොයාබැලීම්වලදී ඇල තුළ තිබී දරුවාගේ සිරුර හමුවුණා. පදිංචි නිවස ඉදිරිපිට විවිධ සාද  පැවැත්වෙන ස්ථානයක් ඇති අතර මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ගේ තෝතැන්නක් බවට ද එය පත්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.

දරුවාගේ සිරුර හමුවූ ස්ථානය ආසන්නයේ තිබී මත්කුඩු භාවිතා කළ සුන්බුන් රැසක් ද පොලිසියට හමුවී තිබෙනවා. මේ අතර පශ්චාත් මරණ පරීක්ෂණය දඹුල්ල රෝහලේ දී සිදුකෙරුණා. දඹුල්ල රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය බී සී එස් පෙරේරා මහතා එම පරීක්ෂණයෙන් පසු තහවුරුකර තිබෙන්නේ දරුවා බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්කර ගෙල සිරකර ඝාතනය කර ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ ක්‍රියාත්මකයි.  දඹුල්ල නිල සුනඛ අංශය ද වැටලීම සදහා යොමුකර ඇති අතර එම සුනඛයින් සිරුර හමුවූ ස්ථානයේ සිට මීටර් අටසියයක දුර නිවසක නතරවීමත් සමග එම නිවසේ සිටි පුද්ගලයා පොලිස්භාරයට ගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 1, 2020 19:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo