fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රජය බිහිවූ වහාම ජනතාවට මුල්‍ය උත්තේජක පැකේජයක් – සජිත්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 1, 2020 19:15

තම රජයක් යටතේ ජනතාවට මුල්‍ය උත්තේජකයක් ලබා දෙන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අංගොඩ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

මෙවර මහ මැතිවරණයට සමගි ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරගවදින අපෙක්ෂකයින්ගේ ජය තහවුරු කෙරෙන ජන හමුවක් අංගොඩ මංසන්ධියේ දී පැවැත්වුණා. සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ඊට අපේක්ෂක එස් එම් මරික්කාර් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

මේ අතර මරදාන සුදුවැල්ල ප්‍ර දේශයේ පැවති තවත් ජන හමුවකට ද සජිත් ප්‍රේමදාස මහතා එක්වුණා. සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක චමීර පෙරේරා මහතායි එය සංවිධාන කර තිබුණේ.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 1, 2020 19:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo