fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යහපාලන රජයේ අධූරදර්ශී වැඩ නිසා වරාය නගරයෙන් හෙක්ටාර හැටපහක් අහිමි වුණා – අගමැති

ITN News Editor
By ITN News Editor අගෝස්තු 1, 2020 19:06

යහපාලන රජයේ අධූරදර්ශී වැඩපිළිවෙල හේතුවෙන් කොළඹ වරාය නගරයෙන් මෙරටට හිමිවිය යුතුව තිබූ හෙක්ටාර හැටපහක් අහිමි වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කිරම පැවති ජන හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කෙරෙන තවත් ජන හමුවක් හම්බන්තොට කිරම හන්දියේදී පැවැත්වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම හමුවට අපේක්ෂකයින් කිහිප දෙනෙකු ද එක්ව සිටියා.

මේ අතර බෙලිඅත්ත පොළොන්මාරුව පැවති ජන හමුවට ද අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂ මහතා එක්වුණා. රට ගොඩ නැංවීම සදහා උගත් බුද්ධිමත් පළපුරුදු දේශපාලනඥයින් පාර්ලිමේන්තුව පත්කර එවන්නැයි රැස්ව සිටි පිරිසගෙන් අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටියා.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහවෙල පහජ්ජාව ප්‍රදේශයේ දීද පොදු ජන පෙරමුණෙන් තරගවදින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කෙරෙන ජන හමුවක් සංවිධාන කර තිබුණා. ඊට එක්වූ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ කොළඹ නගරය මෙන්ම  හම්බන්තොට ද ආර්ථික නගරයක් බවට පත් කිරීම තම අරමුණ බවයි.

තිස්සමහාරාම ප්‍රදේශයේ පැවති තවත් ජන හමුවකට ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක්වුණා. මව්බිම වෙනුවෙන් ඉදිරියට යන ගමන කුමන බාධක කම්කටොලු හමුවේ වුවද නතර නොකරන බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කළේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 1, 2020 19:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo